Sunday, February 08, 2026
Follow Us
සීනි බදු සහනයෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16කින් සියයට 24ක් ආදායම් බදු ලෙස අය කරගැනීමේ තීරණයක්

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළද භාණ්ඩ බද්ධ අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16කට අදාළ ආදායම් බදු අය කරගැනීමට සූදානම් බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පවතින නීතිය යටතේ එම මුදලෙන් සියයට 24ක් ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් අය කරගැනීමේ හැකියාව ඇති බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ ආදායම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගනිමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා සකස් කළ වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් වැඩ බලන මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Neth