Sunday, February 08, 2026
Follow Us
ජනපති යලි පැමිණෙයි

ඊජිප්තුවේ පැවති දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර සිටිනවා.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද දින උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාපාර්ශවයන්ගේ 27 වන සමුළුව ඊජිප්තුවේ ෂාර්ම් අල් ෂෙයික් ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

මෙම සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉකුත් පසුගිය 06 වෙනිදා දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

Neth