මහ ඔය ද්‍රෝණිය සහ දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වයත් නිසා ධාවනය තාවකාලිකව නතරකර තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමන්වාර කිහිපයක් හෙට (23) සිට යළිත් ධාවනයට එක්කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද (19) සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් හෙට (20) උදෑසන උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
"නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව" මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන යන බව නිරීක්ෂණය වී ඇත. මෙම Whatsapp සමූහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෝ එහි අනුදැනුම මත පවත්වාගෙන නොයන අතර එමගින් සිදු කරන කටයුතු කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
එම නිවේදනය පහත සඳහන් වේ.
වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය මත හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දෙරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ලබන නොවැම්බර් 10 වැනි දින ආරම්භ වන 2025 උසස් පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කොළඹ 01 සිට 15 දක්වා සහ ප්‍රධාන නගර කිහිපයකට හෙට (23) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ සපයා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
උඩරට මාර්ගයේ රඹුක්කන සහ පේරාදෙණිය දක්වා සියලු දුම්රිය ගමන්වාර හෙට (22) දහවල් 12 දක්වා අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන 23වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී ඇත.
Page 12 of 642













