- කර්මාන්ත අමාත්‍යාශයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රු. 200,000/-ක්
- ව්‍යාපාරයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රු. 200,000/-ක්
- ලියාපදිංචි නොවූ ගෘහස්ථව ස්ථිර ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයකට රු. 50,000/- ක්
- ලියාපදිංචි නොවූ නිෂ්පාදන කර්මාන්ත හා හරිතාගාර යනාදිය සඳහා ඒකකයකට
රු. 50,000/- ක් - පදික සහ ජංගම ඇතුළු තාවකාලිකව සිදු කරන ව්‍යාපාරික ස්ථානයකට රු. 25,000/- ක්
දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ හදීසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථාවත් කිරීමට නිකුත් කරන ලද (08/2025) වක්‍රලේඛයට සමගාමීව හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසීම අරමුණු කරගෙන නව චක්‍රලේඛයක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.
ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වු ජනතාව සවිබල ගැන්විම සඳහා වන රජයේ වැඩසටහන 2025.12.05 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛය මඟින් ප්‍රකාශට පත්කළ අතර, එම සහන තවදුරටත් පුළුල් කරමින් වඩා කාර්යක්ෂමව හා ඵලදායිව සලසා දිම සඳහා 2025.12.20 දිනැති අංක 08/2025(i) දරන චක්‍රලේඛය හා 2026.01.22 දිනැති අංක 08/2025(iii) දරන චක්‍රලේඛය මෙසේ නිකුත් කර ඇත.
අදාළ නව චක්‍රලේඛයට අනුව සමාජ සවිබල ගැන්විමේ වැඩසටහන පහත පරිදි වේ.
හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන
- ආපදාවෙන් බලපෑමට ලක්ව ඇණ හිට ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව,
- කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රු. 200,000/-
- ව්‍යාපාරයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාරයකට රු. 200,000/-
- ලියාපදිංචි නොවූ ගෘහස්ථව ස්ථිර ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයකට රු. 50,000/-
- ලියාපදිංචි නොවූ නිෂ්පාදන කර්මාන්ත හා හරිතාගාර යනාදිය සඳහා ඒකකයකට රු. 50,000/-
- පදික සහ ජංගම ඇතුළු තාවකාලිකව සිදු කරන ව්‍යාපාරික ස්ථානයකට රු. 25,000/- බැගින්ද,
ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ස්ථීර ව්‍යාපාරික ගොඩනැඟිලි සඳහා ව්‍යාපාර ගොඩනැඟිලි හිමියෙකුට නැවත තම ව්‍යාපාරික ස්ථානය යථාවත් කර ගැනීම සඳහා දෙනු ලබන දීමනාව.
- හානි තක්සේරුවකින් තොරව වන්දි ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ව්‍යාපාරික ගොඩනැගිලි හිමියෙකුට ගෙවනු ලබන දිමනාව එක් ව්‍යාපාර හිමියෙකුට රු. 500,000/-ක් සහ
- හානි තක්සේරුවකින් පසුව වන්දි ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ව්‍යාපාරික ගොඩනැගිලි හිමියෙකුට ගෙවනු ලබන දිමනාව එක් ව්‍යාපාර හිමියෙකුට තක්සේරුගත වටිනාකම මත ගෙවනු ලබන උපරිම දීමනාව රු. 5,000,000/ ක් බැගින්ද සහන ලබා දීමට කටයුතු යොදා ඇත.
ඉහත දීමනාවලට අමතරව පහත ණය පහසුකම් ද සලසා දී තිබේ.
මෙම දීමනාවලට අමතරව තම ව්‍යාපාර හානියට පත්වූ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් ද තවදුරටත් ආයෝජනය කිරීම අවශ්‍ය වන ව්‍යාපාරවලට ණය යෝජනා ක්‍රමයක් ද භාණ්ඩාගාරය විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව, හානි වු ව්‍යාපාර නැවත ආරම්භ කිරිම සඳහා බැංකු පද්ධතිය තුළින් කාරක ප්‍රාග්ධනය ලෙස රු. 250,000/- සිට රු. 25,000,000/- දක්වා 3% ක පොළියක් යටතේ ණය ලබා ගැනිමට පහසුකම් සලසා ඇති අතර, එම ණය මාස 06 සහන කාලයකට යටත්ව අවුරුදු 03 කින් ගෙවා නිම කළ යුතුය.
ව්‍යාපාර නැවත නගාසිටුවීමේ ආයෝජන ණය ලෙස තම ව්‍යාපාර හානිවි ඇති ව්‍යවසායකයින් සඳහා රු. මිලියන 25 දක්වා 5% පොළිය යටතේ මාස 12 සහන කාලයක් සහිතව අවුරුදු 10න් ගෙවිමට හැකිවන සේ බැංකු හරහා ණය ලබා ගැනීමටද අවශ්‍ය කටයුතු සලසා දී තිබේ.