78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ආයතනවල, නිවෙස්වල සහ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
සියලුම රාජ්‍ය ගොඩනැඟිලිවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ යුතු බවට උපදෙස් දී තිබෙන බව ප්‍රකාශ කළ ලේකම්වරයා 78 වැනි නිදහස් සැමරුම ආරම්භ කරමින් අද (02) රාත්‍රියේ නිදහස් මන්දිරයේදී පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙන බව ද සඳහන් කළේය.