Monday, January 19, 2026
Follow Us
උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන්, ස්ථාන කිහිපයක් අද සිට තාවකාලිකව වැසේ
පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි හානියට පත් උතුරු දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් අද( 19) සිට ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබීමට සිදුවන බව දුම්රිය සාමාන්යාධිකාරි රවීන්ද්ර පත්මප්රිය මහතා පවසයි.

 

ඔහු මේ බව ප්රකාශ කලේ බත්තරමුල්ල, කොස්වත්ත ‘මගනැගුම මහමැදුර’ පිහිටි ප්රවාහන හා මහාමාර්ග අමාත්යංශයීය ශ්රවණාගාරයේ දී ජනතාව දැනුම්වත් කිරීම සඳහා පැවති මාධ්ය හමුව අමතමිනි.
 
ඒ අනුව 2026.01.19 වන දින සිට මහව - අනුරාධපුර මාර්ග කොටස තාවකාලිකව වසා තැබෙන අතර 2026.01.26 වන දින සිට මහව - ඕමන්ත දුම්රිය මාර්ග කොටස සම්පූර්ණයෙන් වසා තැබේ. එමෙන් ම 2026.01.19 වන දින සිට මැදවච්චිය - තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ ද ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ වේ.
 
මහව - ඕමන්ත දක්වා වන දුම්රිය මාර්ගයේ දුම්රිය පාලම් පහක් නැවත ප්රතිස්ථාපනය කිරීමටත් වන අලි ගමන් කිරීම සඳහා ඉදිකල උමං මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු මීට සමගාමීව සිදුකිරීමටත් නියමිතය.
 
එළඹෙන සිංහල - හින්දු අලුත් අවුරුද්දට පෙර දුම්රිය මාර්ගයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කර උතුරු - දකුණු ගමනාගමනය සාමාන්ය පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇත.
මීට අමතරව 2026.01.20 වන දින සිට ‘පුලතිසි නගරාන්තර සීඝ්රගාමී දුම්රිය’ සහ ‘උදයදේවී’ දුම්රියත් ධාවනය කෙරෙන අතර ත්රිකුණාමලය දක්වා ‘රාත්රී තැපැල් දුම්රිය’ ගමන් ආරම්භ කිරීමට නියමිතය.
 
2026.01.19 වන දින සිට අනුරාධපුර - කන්කසන්තුරය දක්වා සහ 2026.01.27 දින සිට ඕමන්ත - කන්කසන්තුරය දක්වා ‘යාල්රාණි’ දුම්රිය ධාවනය කිරීමට නියමිතය.