Saturday, May 16, 2026
Follow Us
යුධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්න වීරසූරිය පත්කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

1986 වසරේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුධ හමුදාවට එක්ව ඇති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය වසර 35 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති කීර්තිමත් නිලධාරියෙක්.

මීට පෙර යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන් මෙම පත්වීම කර තිබෙනවා.

Neth