Sunday, February 08, 2026
Follow Us
කිරිපිටි ආනයනය සීමා කරලා නෑ : මුදල් රාජ්‍ය ඇමති කියයි

කිරිපිටි ආනයනය සීමා කර නොමැති බවත්, එබැවින් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවධානමක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මෙරටට ආනයනය කරන ලද කිරිපිටි තොගයක් නියමිත කාලයට නිදහස් කර ගැනීමට නොහැකිව කල් ඉකුත්වීමේ අවධානමක් පවතින බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඉකුත්දා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

Neth