Sunday, February 08, 2026
Follow Us
රත්‍රං රටට ගෙනඒමේදී අලුත් නීතියක් ළඟදීම

රත්‍රං ජාවාරම්කරුවන් හේතුවෙන් මසකට අමෙරිකානු ඩොලර් දස ලක්ෂ තිහක් ශ්‍රී ලංකාවට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ, නීතිවිරෝධී අයුරින් රත්‍රං මෙරටට රැගෙන ඒම හේතුවෙන්.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ මෙම රත්‍රං ජාවාරම්කරුවන් මෙලෙස අධික මුදලක් මාසයකදී වංචා කරමින් රට තුළට රත්‍රං ගෙන එන බවයි.

පවතින තත්ත්වය සලකා කැරට් 24 රත්‍රං ජාවාරම මැඩලීම සදහා ඉතාමත් නුදුරේදීම අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කරන බව ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා. කෙසේවෙතත් එහිදී විදේශ රැකියා වල නිරත වී යළි මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට අසාධාරණයක් නොවන ලෙස එම නීතිමය ප්‍රතිපාදන සකස් කරන බවයි ඔහු පැවසුවේ.

ඊයේ දිනයේ ද රත්‍රං ජාවාරම්කරුවන් රැගෙන ආ රුපියල් කෝටි 40 කට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සොයා ගැනුණා. එය සැලකුණේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්‍රං වැටලීම ලෙසයි.

Neth