අද (18) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
උසස්පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග ඇගයීම් සහ රාජකාරි දීමනා සියයට හැටකින් ඉහළ නැංවීමේ යෝජනාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත.
ප්‍රමාණවත් පරිදි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් සියයට 90% ඉක්මවා තිබූ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට සියයට 75% දක්වා පහත වැටී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී.
ලබන 17 වැනිදා සිට 19 වැනිදා දක්වා පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබෙනවා.
එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස පළමුවනදා සිට අනිවාර්යෙන් ස්ථානමාරු කිරීමට යටත් වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
කුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත්ව ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා උපදෙස් දී තිබේ.
විදුලිබල ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුවේදී සාකච්ඡා කර තිබෙනවා.
උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්‍ය සේවකයන් ලක්ෂ දොළහක් දක්වා අඩු කරන්නේ නම් රාජ්‍ය සේවය ඉතාම පහසුවෙන් පවත්වාගෙන යා හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන වසරේ ජනවාරි මස 15 වන දාට පෙර නව කැබිනට් ඇමතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ නව තානාපතිවරුන් පත්කිරීමක් සිදු නොවනු ඇති බවයි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (17) දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය බරින් නිදහස් වූ මෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බව අවධාරණය කළේය.
Page 103 of 647