අයවැයෙන් ලබන වසර සදහා ආරක්ෂක අමාත්‍යාංශයට ප්‍රාග්ධන වියදම් සදහා වෙන් කර ඇති රුපියල් බිලියන 50ක මුදල පිළිබද සෑහීමකට පත් නොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්න වීරසූරිය පත්කර තිබෙනවා.
ඉදිරියේදී ගෙන ඒමට නියමිත තේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ද කරුණු ඇතුලත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 29 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
කිරිපිටි ආනයනය සීමා කර නොමැති බවත්, එබැවින් වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ඇතිවීමේ අවධානමක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉකුත් ජුනි 30 වැනිදා වන විට රුපියල් බිලියන 2.4ක (රුපියල් 2,488,003,615) වටිනාකමින් යුත් අගරු චෙක්පත් 4831ක් තිබී ඇතැයිද ඒ අතුරින් චෙක්පත් 3817ක්ම අවුරුදු 3කට වඩා පැරණි ඒවා බවද කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී ඇත. වසර තුනක් පැරණි එම අගරු චෙක්පත්වල වටිනාකම රුපියල් 1,429,356,750ක් බවද හෙළි වී තිබේ.
රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකි වන පරිදි නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ විසින්.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි දහසක මුදලක් හෙවත් බිලියන 10කට අධික මුදලක් වැයකිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා වෙත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
Page 104 of 642