Saturday, February 07, 2026
Follow Us
 විදුලි බල මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රමාණවත් පරිදි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් සියයට 90% ඉක්මවා තිබූ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට සියයට 75% දක්වා පහත වැටී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී.

මෙම ජලාශවල ජල මට්ටම 70% දක්වා පහත වැටුණහොත් විදුලිය සැපයීම තවත් අර්බුදකාරී මට්ටමකට පත්වනු ඇති බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසුවේය. ප‍්‍රධාන ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

 

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් විදුලි කප්පාදු කිරීමේ කාල සීමාව තවත් ඉහළ දැමීමට සිදුවන බවට විදුලි බල මණ්ඩලය අනතුරු අඟවා සිටි.

 

Aruna