කිසිදු ආකාරයකින් උසස් පෙළ විභාගයේ ප්‍රශ්ණ පත්‍ර පිටවීමක් සිදුවී නැති බවත් අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය විභාග කොමසාරිස් ජනරාල් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළාය.
විභාග කොමසාරිස් ජනරාල්වරියගේ විශේෂ ප්‍රකාශය
"ප්‍රශ්න පත්‍ර අංඩගු පැකැට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැත. එමෙන්ම ප්‍රශ්න පත්‍රයක් කිසිදු ආකාරයෙන් පිට වී නොමැති බව අවධාරණය කරමි. ව්‍යාජ තොරතුරුවලින් කලබලයට පත් නොවී හෙට (14) දිනයේ විභාගයට මුහුණ දෙන ලෙස සියලුම විභාග අපේක්ෂකයින්ට කාරුණිකව දන්වා සිටිමි. නියමිත කාලසටහන අනුව සියලුම විභාග මධ්‍යස්ථානවල විභාග පැවැත්වෙන බැවින් සියලුම අපේක්ෂකයින් තමන්ට නියමිත කාලසටහන අනුව එම විභාග මධ්‍යස්ථානවලට පැමිණ විභාගයට මුහුණ දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා"