1978 අංක 16 දරන විශ්වවිද්යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් කර තිබීම සම්බන්ධයෙන් අලුත් අර්බුදයක් සහ සැකයක් නිර්මාණය වෙමින් ඇතැයි විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ආචාර්ය ශ්යාම බන්නැහැක පැවසුවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය සම්බන්ධයෙන් දැඩි කතාබහක් රටතුළ මතුව ඇති පසුබිමක හදිසියේ මෙවැනි තීරණයක් ගැනීම සැකසහිත බවයි.
ඉදිරියේදී ශ්රී ලංකාවට ඉන්ධන හිගයකට මුහුණදීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ මෙරට රජය විසින් බොරතෙල් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ බොරතෙල් ටෙන්ඩරයට කිසිදු සමාගමක් ලංසු තැබීමට ඉදිරිපත් නොවීම හේතුවෙනි.
දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්රීයව පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
තවත් සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්රා මිලියන 2ක් අද (22) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපලට ළඟාවී තිබේ.
ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදි ගෙළ වැළලාගෙන මියගිය සිරකරුවාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසනවා.
ආහාර සහ ඖෂධ නොවන ෂැෂේ පැකට් නිෂ්පාදනය කිරීම තහනම් කර තිබියදී ෂැෂේ නිෂ්පාදනය කළ කැස්බෑව ප්රදේශයේ කර්මාන්තශාලාවක් මධ්යම පරිසර අධිකාරිය විසින් ඊයේ (22 වැනිදා) වටලනු ලැබීය.
The Department of National Zoological Gardens has decided to re-open the Dehiwala Zoo and the Ridiyagama Safari Park all throughout the week from July 27.
වසර ගණනක් තිස්සේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති තිහක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද (22 වැනිදා) උදේ 10ට උද්ඝෝෂණයක් පැවැත්වේ.
බුදුන් වහන්සේ පස්වග මහණුන් උදෙසා පළමු ධර්ම දේශනාව පැවැත්වූයේ අදවන් ඇසළ පොහෝ දිනකදීය.
වත්තල ප්රදේශ කිහිපයකට ලබන 26 වැනිදා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ වුවද සෞඛ්ය අංශ උපදෙස්වලට අනුව පෞරාණික චාරිත්ර ගරුකරමින් ඇසළ පෙරහර මංගල්යය සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙන බව දියවඩන නිලමේ නිලංග දෑල පැවැසීය.
Page 415 of 769