ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ඇමෙරිකාවේ නිෂ්පාදිත ”ෆයිසර්” එන්නත් මාත්‍රා තවත් තොගයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.
එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,666 දෙනෙකු හදුනා ගැණුනා. ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ. ඉකුත් 24 වනදා සිදුවූ කොරෝනා මරණ 45 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ බවද යුද හමුදාපතිවරයා සදහන් කළා.
(Neth)