Saturday, August 16, 2025
Follow Us
හෝටල් සේවකයින් අද මහ පාරට

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් හෝටල් සේවකයන් දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටින අතර ඒ පිළිබඳව රට පුරා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල නිරත වන බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


කොටුව සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට අද (26) දින පස්වරු 1.00ට සේවක උද්ඝෝෂණයක් පවත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ වන විට රටේ හෝටල් සේවකයින් මුහුණ පා ඇති දැවැන්ත අර්බුදකාරි තත්ත්වය සඳහා විසඳුමක් ලබා දෙන මෙන් ආණ්ඩුවෙන් සහ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියද , මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති අතර දිනෙන් දින හෝටල් සේවක ගැටළු වර්ධනය වීමේ වාතාවරණය හමුවේ සේවකයන් නොසන්සුන්තාවයකට පත්ව තිබෙන බවත්, එබැවින් මේ පිළිබඳව විසඳුම් ලබා දෙන මෙන් ඉල්ලා එම සේවකයන්ට මහ පාරට බැසීමට සිදුව ඇතැයිද අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය සභාපති නීතිඥ ජානක අධිකාරි සඳහන් කරයි.

ඒ අනුව කොටුව සංචාරක අමාත්‍යංශය ඉදිරිපිට අද දහවල් 1.00ට සේවක උද්ඝෝෂණයක් පවත්වන බව හෙතෙම සඳහන් කරයි.

(Aruna)