Saturday, August 16, 2025
Follow Us
ගුරු සංගම් සහ අධ්‍යාපන ඇමති අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සංගම් ඉදිරිපත් කළ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් පිළිබද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව අදට දින 16 ක් ගත වනවා. අධ්‍යාපන බලධාරීන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී එළඹෙන එකඟතාවන්ට අනුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු තීරණය කරන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිංන් පැවසුවේ.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී අධ්‍යාපන බලධාරීන් සිය ඉල්ලීම්වලට විසදුම් ලබාදෙනු ඇති බවයි ඔහු සදහන් කළේ.

(Neth)