වාර්ෂිකව ප්ලාස්ටික් යෝගට් කෝප්ප ටොන් 96- 100ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් පසු මෙරට පරිසරයට බැහැර කෙරෙන බව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී හෙළිකර තිබේ.
එසේම භාවිතයෙන් පසු නැවත ප්‍රතිචක්‍රී කරණයට එකතු කෙරෙන්නේ 7% පමණ ප්‍රමාණයක් බවද ඉතිරි 93%ම පරිසරයට බැහැර කරන ද වාර්තා වී ඇත.
එම බැහැර කෙරෙන 93%න් ඇතැම් පිරිස් ඒවා ගිනිතබා විනාශ කරන බවද අනාවරණය වී ඇත.
මේ අතර යෝගට් කෝප්ප හා ඒ සමාන ප්ලාස්ටික් කෝප්ප මාසිකව මිලියන 45ක් පමණ පරිසරයට එක්කෙරෙන බව ද සොයාගෙන ඇත.
මේ අතර යෝගට් නිෂ්පාදනයේ දී ප්ලාස්ටික් කෝප්ප වෙනුවට වෙනත් විකල්ප නොමැති වීම නිසා තහනම් කළ නොහැක්කේ යයි ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත.
(Aruna)