Saturday, August 16, 2025
Follow Us
පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු පන්දුවාර විස්ස තරගය ලකුණු 38කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.


මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් යාදේව් ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුළු දෙක බැගින් ලබාගැනීමට හැකි විය.

අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 18යි පන්දු 3කදී සියලුදෙනා දැවීයේ රැස්කර ගත්තේ ලකුණු 126ක් පමණියි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 44ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී බුවනේශ්වර් කුමාර් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත ඉන්දීය ශ්‍රී ලංකා පන්දුවාර විස්ස තරගාවලිය 1ට 0ක් ලෙස ජගෙන ඉදිරියෙන් සිටීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

(Aruna)