Saturday, August 16, 2025
Follow Us
ළමා ශ්‍රමය වැඩියෙන්ම යොදාගන්නා දිස්ත්‍රික්ක ගැන අනාවරණයක්

ළමා ශ්‍රමය වැඩි වශයෙන් යොදාගන්නා දිස්ත්‍රික්ක ලෙස කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හදුනා ගෙන ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ වතුකරය ආශ්‍රිතව ද කම්කරු නිලධාරීන් යොදවා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම් සිදුකරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටි 16 හැවිරිදි දැරියක් මියයාමත් සමග දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම පිළිබද සමාජයේ දැඩි විරෝධයක් එල්ල වුණා.

වයස අවුරුදු 18 ට අඩු දරුවන් සේවයේ යෙදවීම තහනම් කෙරෙන තවත් අන්තරාදායක වෘත්තීන් සහ සේවාවන් නම් කර පවතින නීතියට නව සංශෝධන ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.

(Neth)