කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි දුන්නාය.
කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි දුන්නාය.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙයි.
නෙළුම් කුලුනෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවිය, පසුගියදා කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවාගේ හා සිසුවියගේ සමීපතම මිතුරියක් බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේදී පොලිසිය ඉතා හොඳින් කටයුතු කළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
2012 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී සංවිධානය, මානසික සෞඛ්‍ය වෙනුවෙන් පෙනීසිටින අතර ඔවුන් මිනිසුන්ට බලපාන මානසික ආබාධ වලට මුහුණ දෙන ආකාරය පිළිබදව දැනුම ලබාදෙයි.
2013 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස 10 වන දින ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නම් කර ඇති අතර, ලොව පුරා මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය ගැටලු අත්විඳින අයට සහාය වීමට උත්සාහයන් බලමුලු ගැන්වීම මෙහි අරමුණු වේ. මෙවර එහි තේමා වී ඇත්තේ "රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල් තැන දෙමු" යන්නයි.
සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයිතිවාසිකමක් බවත් අප සියලු දෙනා කුමන රටක හිටියත් එම රටේ පුරවැසියන් විදිහට අපට සෞඛ්‍ය සේවාව ලැබීමේ හිමිකම ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
රබර් වගාවේ නියුතු ගොවි ප්‍රජාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව රබර් වගා රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් බි.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේය.
2024 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 868 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයෙන් සොයා ගෙන ඇති අතර මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්, ජලසම්පාදන. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. ආර්. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (11) එම ගබඩා සංකීර්ණයට ගියේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලබන Marines Field Training Exercise Blue Whale - 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය පසුගිය දා (05) වන දින ත්‍රීකුණාමලය දකුණ, සාම්පූර් හී පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, විදේශීය නාවික හමුදා සාමාජිකයන් ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම අභ්‍යාසය 2024 ඔක්තෝබර් මස 15 වන දින දක්වා වයඹ මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.
ග්‍රීසියේ පැවති 06 වැනි ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියට (06th Global Challenge Robotic Competition) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිසුන් 05 දෙනෙක් ඉංජිනේරු නිර්මාණයක් (Engineering Disign Best in World) ඉදිරිපත් කර එම තරගාවලියේ ලෝකයේ විශිෂ්ටතම ඉංජිනේරු නිර්මාණයට හිමි ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනාගෙන පෙරේදා (30) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී ඉකුත් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා ලෝකයේ රටවල් 193ක තරගකරුවන් 1,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතිකයක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන් සිදුකරනු ලබන මෙහෙවර ඇගයීම සහ ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවැනි වරටත් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.
150 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවයට සමගාමීව ජාතික මුද්දර ප්‍රදර්ශනයක් හෙට (08) සිට ඔක්‍තෝබර් 12 දක්වා පැවැත්වීමට නියමිතය.
2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්වීම සියයට 10න් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Page 31 of 715