Thursday, February 12, 2026
Follow Us
දෙවන, සේවා හා ආධාරක මධ්‍යස්ථානය (Harvest Centre) රුහුණු කෘෂි පීඨයේ දී විවෘත වෙයි
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය රුහුණු විශ්ව විද්යාලයේ කෘෂි විද්යා පීඨය සමග එක්ව දකුණු පළාතට විශේෂිතව ස්ථාපිතකරන සේවා හා ආධාරක මධ්යස්ථානය - “Harvest Centre” විවෘත කිරීම විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් අද දින (12) රුහුණු විශ්ව විද්යාලයීය කෘෂි විද්යා පීඨ පරිශ්රයේ දී සිදු කෙරිණි. දකුණු පළාතේ ව්යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ වාණිජකරණය සහ ආරම්භක ව්යාපාර සංවර්ධනය හා පෝෂණය කිරීම මෙම 'Harvest Centre' තුළින් සිදු කිරීමට අරමුණු කෙරේ.

 

විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ ප්රමුඛ ජාතික වැඩසටහනක් ලෙස ගමට තාක්ෂණය පැවරීම වෙනුවෙන් විදතා වැඩසටහන ක්රියාත්මක කරයි. මෙහි දී විද්යා, තාක්ෂණ හා නවෝත්පාදන දැනුම තුළින් ග්රාමීයව ස්වාභාවික සම්පත්වලට අගය එකතු කළ නිෂ්පාදන බිහිකිරීම ඇතුළුව කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර වර්ධනයට සහාය වීමත්, ඒ තුළින් ශ්රී ලංකාව පුරා ව්යවසායකත්වය ප්රවර්ධනය කිරීමට සුදුසු යාන්ත්රණයක් ක්රියාත්මක කරයි. මේ සඳහා දිවයින පුරා ප්රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් විදාතා මධ්යස්ථාන ස්ථාපිත කර ඇති අතර, එහි පුළුල් හා ඉදිරි පියවරක් ලෙස රාජ්ය විශ්ව විද්යාල ආශ්රිතව සේවා හා ආධාරක මධ්යස්ථාන ස්ථාපිත කිරීම සිදු කෙරේ. මෙහි දී ව්යවසායකයින්, නව නිපැයුම්කරුවන් සහ ආරම්භක ව්යාපාරිකයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර නවෝත්පාදනය, ව්යවසායකත්වය සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සංවර්ධනය හා ශක්තිමත් කිරීම විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ අරමුණයි.
 
ඒ වෙනුවෙන් විද්යා හා තාක්ෂණ අමාත්යාංශය ස්ථාපිත කරන දෙවන, සේවා හා ආධාරක මධ්යස්ථානය 'Harvest Centre' වන අතර ඒ තුළින්, දේශීය ආර්ථිකයට නව ජවයක් ලබා දෙමින් දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දෙනු ඇත. මාතර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්රික්කවල සිටින උනන්දුවක් ඇති කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට විද්යාත්මක පදනමක් මත තම නිෂ්පාදනවලට අගය එකතු කර ව්යාපාර සංවර්ධනය කර ගැනීමටත්, ජාතික හා ජාත්යන්තර ප්රමිතීන් සපුරා ගනිමින් දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළ ජය ගැනීමටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.
 
මෙහිදී අදහස් දැක්වූ අමාත්ය ක්රිෂාන්ත අබේසේන මහතා මෙසේ පැවසීය.
 
“අමාත්යංශ අතර ආයතන අතර සීමාවන් පනවා ගැනීමකින් තොරව එකම කණ්ඩායමක් ලෙස රටේ ආර්ථික අවශ්යතාවලට ගැලපෙන විසඳුම් සෙවීම කළ යුතුයි. අපි ක්රියාත්මක කරන සේවා හා ආධාරක මධ්යස්ථාන පිහිටුවීම ඒ වෙනුවෙන් වූ සාමුහික පියවරක්. එය රජය - විශ්ව විද්යාල සහ කර්මාන්ත ක්ෂේත්රය (පෞද්ගලික අංශය) එක තැනකට ගෙන එන කේන්ද්රස්ථානයක් වෙනවා. ලෝකය වෙනස් කරන්න වෙනස් විදියට හිතන අය අවශ්යයි. ඒ අයට මඟ පාදන්න අපි සුදානම්.
 
රජය උපරිමයෙන් රාජ්ය සේවකයන්ගේ වැටුප් හා දීමනා වැඩිකර තිබෙනවා. මීට වඩා එය වැඩි කිරීමට රජයට අවශ්ය උවත් පවතින IMF කොන්දේසි මත එය සිදුකීරීමට හැකියාවක් නැහැ. එවැනි වැඩිකීරිම් සිදුකිරීමට නම් දළ දේශිය නිෂ්පාදිතය වැඩිකළ යුතුයි. ඒ සඳහා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. මෙවැනි සේවා හා ආධරක මධ්යස්ථාන ස්ථාපිත කිරීම එම ඉලක්ක සපුරාගැනීමට ඉදිරි පියවරක් වෙනවා”
 
දකුණු කලාපීය කෘෂි ව්යාපාර හා ආහාර තාක්ෂණ ක්ෂේත්රයේ සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ස්ථාපිත මෙම මධ්යස්ථානය හරහා ව්යවසායකයින්ට ආහාර වල ගුණාත්මක භාවය සහ ප්රමිතීන් පිළිබඳ පර්යේෂණ සහ පරීක්ෂණ වාර්තා සහ විද්යාත්මක වාර්තා විශ්ව විද්යාල රසායනාගාර මගින් ලබා ගැනීම, ජාත්යන්තර වෙළඳ පලට ගැළපෙන නවීන ඇසුරුමකරණ උපදෙස් සහ පහසුකම්, ව්යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්ය තාක්ෂණික සහ කළමනාකරණ දැනුම ලබා ගැනීම, නව නිෂ්පාදන වාණිජකරණය, වෙළඳපලට හඳුන්වා දීම සහ තාක්ෂණ හුවමාරුව සඳහා අවශ්ය තාක්ෂණික සහාය සඳහා විශ්වවිද්යාල ආචාර්යවරුන් උපදේශනය හා මගපෙන්වීම ලබා දීමට නියමිතය.
 
මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්ය අමාත්ය අර්කම් ඉල්යාස්, මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මහාචාර්ය එල්. එම්. අබේවික්රම, අජන්ත ගම්මැද්දෙගේ යන මහත්වරුන්, විද්යා හා තාක්ෂණ අමාත්යාංශ ලේකම් මොහොමඩ් නවවී, රුහුණු විශ්ව විද්යාලයේ උප කුලපති මහාචාර්‌ය පී.ඒ ජයන්ත, කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති මහචාර්ය ජී. වයි. ජයසිංහ යන මහත්වරුන්, රාජ්ය නිලධාරීන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.