නව්‍යකරණය වෙමින් පවතින මෙරට තැපෑලට මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක්
සමස්ථ ව්‍යාපෘතිය සදහා වෙන්කර කර ඇති මුදල රුපියල් මිලියන 849ක්.
වර්ථමානය වනවිට සුවිශේෂි පරිවර්තනයකට සහ පිබිදීමකට ලක්වෙමින් නව්‍යකණයවන මෙරට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් අද (12) තැපැල් මූලස්ථානයේ දී සිදුවිය.
එමෙන්ම නියමු ව්‍යාපෘතියකට අනුව තැපැල්කරු මහතූන්ගේ යතුරුපැදි සඳහා තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදාදීම, මෙහෙයුම් පාලන ප්‍රතිචාර ඒකකය විවෘත කිරීම, තැපැල් කාර්යාලවල කාර්ය සාධනය ඉහළ නැංවීමේ අරමුණින් ඩෙස්ක්ටොප් පරිඝණක, ලැප්ටොප් මෙන්ම ටැබ් යන්ත්‍ර බෙදාදීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම ව්‍යාපෘතියට සමගාමීව තැපැල් මූලස්ථානය, මධ්‍යම තැපැල් හුවමාරුව සහ මඩකලපුව තැපැල් කාර්යාලයේ සූර්ය පැනල සවි කිරීම ද සිදු වන අතර සමස්ථ ව්‍යාපෘතිය සදහා වෙන්කර කර ඇති මුදල රුපියල් මිලියන 849කි.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය වසරේ ශ්‍රී ලංකා තැපෑල රුපියල් මිලියන 13450 ආදායමක් උත්පාදන කළ බව පැවසීය.
සමහර ආපදාවන් නොවුනානම් මීට වඩා ආදායම් උත්පාදනය කරගැනීමට හැකියාව තිබුණු බවත්, තැපැල් දෙපාර්තුමේන්තුව ආපදාවන් දෙකකට මුහුණ දුන්බවත්, සිහිපත්කළ අමාත්‍යවරයා එබැවින් වෙන් ආදායම මෙම සීමාවේ රැදුනු බවද පැවසීය. එසේවුවද මෙම වර්ෂය තුළදී අපේක්ෂිත ආදායම් ඉලක්ක වලට යාමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සදහන් කළේය.
තැපැල් සේවාවට අවශය කාර්ය මණ්ඩලය බදවා ගැනීමට පියවර ගනිමින් සිටින බවද පැවසූ අමාත්‍යවරයා තැපැල් දෙපාර්තුමේන්තුවට නව බදවා ගැනීම් සහ ස්ථීර කිරීම් නිසා 2800 ක කාර්ය මණ්ඩලයක් ස්ථාවර වන බවද පැවසීය.
තැපැල් ගාස්තුව රුපියල් 20කින් ඉහෙළ දැමූවිට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු යම් අදෝනාවක් නෑගූ බවත් සහිපත්කළ අමාත්‍යවරයා තැපෑලේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සියලු දෙනා වැඩිවැඩියන් තැපෑල භාවිතා කරන ලෙසට ඉල්ලීමක්ද කර සිටියේය. එමගින් තැපෑලේ ආදායම තවත් ඉහළ නංවා ගැනීමට හැකිවන බවත්, තැපෑල වැසීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බවත් මෙම සියලු පහසුකම් ලබා දී තැපෑලේ අනාගතය දියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
2025 වසරේ අයවැය ප්‍රතිපාදන යටතේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලබාදෙනු ලබන මෙම ලොරි රථ හා කෘෘ කැබ් රථ සහ තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) මුලු දිවයිනම ආවරණය වන පරිදි COD, Slp Courier ඇතුළු සියලු තැපැල් භාණ්ඩ කාර්යක්ෂමව බෙදා හැරීමට යොදා ගැනීමට නියමිතය.
ඉදිරියේ දී මෙරට තැපැල් සේවාවේ ලිපි සහ තැපැල් භාණ්ඩ පහසුවෙන් සහ කාර්යක්ෂමව බෙදාහැරීමේ කටයුතු තවත් විධිමත් සහ ශක්තිමත් කිරීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී.
පසුගිය වර්ෂය තුළ දී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ වෘත්තීන් සදහා නව බදවා ගැනීම්, ස්ථීර කිරීම් රාශියක් සිදුකළ අතර, නව තැපැල් කාර්යාල සදහා මුල්ගල් තැබීම්, විවෘත කිරීම් ද බොහෝමයක් සිදු කරමින් තැපෑලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනයට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තරපරල්පතිවරුන් ඇතුලුව සියලුම තැපැල් වෘත්තිකයන් නියෝජනය කරමින් පිරිසක් සහ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.