Saturday, February 14, 2026
Follow Us

ඊයේ (13) සවස තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක මෝටර් රථයක් තුළ සිටි යුවළකට කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන්  පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

මරණකරු වයස අවුරුදු 44 ක් සහ මරණකාරිය වයස අවුරුදු 42 ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

වෙඩි තැබීම සඳහා ටී 56 අවියක් හා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුව  ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් විමර්ශන සිදු කරනු ලබයි.