Saturday, February 14, 2026
Follow Us
හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 2ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩව නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මන්නාරම දකුණු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන උර දෙකක් (02) ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.



නාවික හමුදා භාරයට ගත් එම ඩිංගි යාත්‍රාව, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දෙක  සහ සැකකරුවන් දෙදෙනා මන්නාරම තාල්පාඩු ජැටිය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම ඩිංගි යාත්‍රාවේ තිබු උර දෙකෙහි (02) හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කට අධික තොගයක් ඇති බවට තහවුරු විය.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාව (01), හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කට අධික තොගය සමඟ සැකකරුවන් දෙදෙනා (02) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.