Friday, September 04, 2026
Follow Us

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (12)  පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කළ ඉල්ලීමකට අනුව, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම සාකච්ඡාව සංවිධානය කරන ලදී.

මෙහිදී කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ දැනට පවතින භෞතික ගැටලු නිරාකරණය කර ගැනීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, එහිදී කොමිෂන් සභාව මුහුණ දී සිටින ගැටලු රැසකට විසඳුම් ලබා ගැනීමට අවස්ථාව උදා විය.