හෙට සිට සදුදා දක්වා විදුලි කප්පාදුව සිදුවන කාලය පිළිබද මහජන උපයෝගිතා කොමිසන් සභාව අද නිවේදනයක් නිකුත් කළා.
මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. උදෑසන 07 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මෙරටට ලැබීමේ ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එල් ආර් සී පද්බේරිය සඳහන් කළේ මෙම තත්ත්වය ඉදිරියේදී තවත් සුබදායක වනු ඇති බවයි.
ඔක්ටේන් ප්‍රමාණයෙන් අඩු පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 6,725 ක ප්‍රමාණයක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව තුළ ගබඩා කර තිබීම සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදුකළ යුතු බව බලශක්ති විශේෂඥයින් පවසනවා.
කිරි තේ එකක මිල සහ ප්ලේන්ටි එකක මිල අද සිට රුපියල් 20කින් පහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, කිරි තේ එකක නව මිල වන්නේ රුපියල් 100ක්. ප්ලේන්ටි එකක නව මිල රුපියල් 30ක් වනවා.
Page 187 of 749