අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිමහිම ජාතික වැඩසටහන යටතේ මහනුවර දිස්ත්රික්කයේ කුළුබඩු ආශ්රිත පොකුරු ගම්මාන 36ක් මේ වන විට ලියාපදිංචි කර තිබේන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා 2026 වසර වෙනුවෙන් මහනුවර දිස්ත්රික්කයට රුපියල් මිලියන 104ක ප්රතිපාදන වෙන් කර ඇත.
2026 වසරේ සිට ක්රියාත්මක මෙම පොකුරු ගම්මාන වැඩසටහනේ ප්රධාන අරමුණු වන්නේ අපනයන කෘෂිබෝග නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම, ගම්මාන වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීම සහ කෘෂිකර්ම ව්යාප්ති සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමයි.
මෙම වැඩසටහන සාර්ථකව ක්රියාත්මක කිරීම සඳහා තෝරාගත් සෑම පොකුරු ගම්මානයකම අපනයන කෘෂිබෝග නිෂ්පාදන සමිති පිහිටුවීමටත්, ඒවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමටත් කටයුතු කෙරේ.
ඒ යටතේ කුළුබඩු බෝග අලුතින් වගා කිරීම, ගෙවතු වගාව සංවර්ධනය කිරීම, පුවක් වගාව ව්යාප්ත කිරීම සහ දැනට පවතින කුළුබඩු වගාවන්හි ආර්ථික ඵලදායිතාව ඉහළ නැංවීම ඇතුළු වැඩසටහන් ක්රියාත්මක කෙරේ.
මීට අමතරව, ජල සම්පාදන පද්ධති සැපයීම, අස්වනු සැකසීම සඳහා සුදුසු තාක්ෂණයෙන් යුත් යන්ත්රෝපකරණ මිලදී ගැනීමට ආයෝජන ආධාර ලබාදීම සහ මානව සම්පත් සංවර්ධනය කිරීම ද මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ. ඒ සඳහා අවශ්ය බීජ හා රෝපණ ද්රව්ය නොමිලේ ලබාදීමට ද පියවර ගෙන තිබේ.