වාර විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව පාසල් නිළ ඇදුමෙන් බියර් පානය පානදුර ජනප්රිය පාසලක සිසුන් පස්දෙනෙකු පොලිස් භාරයට ගත්බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.
සිය බිරිය සංගීතයක් නැරඹීම සඳහා ගිය අතරතුර බිරියගේ මව දූෂණය කළ බව කියන බෑනාව සපුගස්කන්ද පොලිසිය මඟින් පෙරේදා (20) රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ඇමරිකාවේ සිට යළි මෙරටට පැමිණි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීම සඳහා එම පක්ෂයේ මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් පෙරේදා (20) දිනයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපලට ගොස් තිබිණි.
තේ කොළවලට මිශ්ර කෙරෙන බවට සැකසහිත රසායනික ද්රව්ය වර්ගයක් සම්බන්ධයෙන් ශ්රී ලංකා තේ පර්යේෂණායතනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කටුගස්තොට ප්රදේශ කිහිපයකට ලබන 24 වන බ්රහස්පතින්දා පැය හයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මියන්මාරයේදී පසුගියදා පැවති මිසිස් ග්රෑන්ඩ් ඉන්ටර් නැෂනල් තරගයට [mrs grand international 2022] සහභාගී වීමට පෙර එම තරගයේ මෙරට සංවිධායකයාවන මලිත් රණසිංහ මහතා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගී වූ රසාංගි චාමිකා කරුණාරත්න මහත්මිය පැවසුවාය.
ඉයෝන් ලංකා ආයතනයේ හිමිකරු විසින් රුපියල් කෝටි නවසිය අනූ එකක මුදලක් වංචා කොට ඇති බවට අසාධාරණයට ලක් වූ ඉයෝන් ලංකා ගනුදෙනුකරුවන්ගේ සුබසාධන සංවිධානය විසින් පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා වෙත පැමිණිලි කොට ඇත.
Page 186 of 769