පසුගිය සමයේ දිවයිනට බල පෑ 'දිත්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් හටගත් අධික ගංවතුර තත්ත්වය හමුවේ මුලතිව්, නයාරු පාලම සම්පූර්ණයෙන්ම විනාශ විය. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් එම පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට එහි ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබේ.
රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීම බවත්, ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවත්, ඊට සිය ආශිර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරු පැවසූහ.
"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ මහිම ඌවපරණගම ඌමා ඇල අමුණ ව්‍යාපෘතිය
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ඌමාඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්වූ අතර එය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණෙමින් පවති.
හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසාදමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථානවලින් නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙර පාසල් දෙසැම්බර් 16 දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කෙරේ.
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙළ යටතේ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව පුක්කුලම් ධීවර ගම්මානයේ ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීම 2025 දෙසැම්බර් 09 වැනි දින සිදුකෙරුණු අතර, නයාරු කලපුව ඔස්සේ ප්‍රදේශයේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම යටතේ පුද්ගලයින් හාරසිය පනහක් (450) සහ යතුරුපැදි තිස්තුනක් (33) 2025 දෙසැම්බර් 09 වැනි දින ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රජය වෙත මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය.
Page 17 of 747