Wednesday, June 03, 2026
Follow Us
වන අලි කළමනාකරණයට නව ට්‍රැක්ටර් රථ
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්ර රාජකාරි අවශ්යතා සඳහා යොදා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ට්රැක්ටර් රථ 09ක් එම දෙපාර්තමේන්තුව වෙත භාරදීම ඊයේ (02) පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.

 

ඩිමෝ (DIMO) ආයතනය විසින් ආනයනය කරන ලද මෙම ට්රැක්ටර් රථ එම ආයතනයේ දෙමටගොඩ අංගනයේදී අමාත්යවරයා විසින් නිල වශයෙන් භාරදීම සිදු කෙරුණේ වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා වෙතයි.
 
වන අලි කළමනාකරණ රාජකාරි සහ අනෙකුත් ක්ෂේත්ර කටයුතු සඳහා පරිසර අමාත්යංශය යටතේ පවතින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපව්යාප්තව පිහිටුවා ඇති අඩවි ආරක්ෂක හා බීට්ටු කාර්යාලවල කටයුතු තවදුරටත් පහසු කර ගැනීම සඳහා අත්යාවශ්ය වාහන මිලදී ගත යුතු බවට වන කැබිනට් පත්රිකාවක් අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර 2025-08-18 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමි විය.
 
ඒ අනුව, වාහන 294ක් මිලදී ගැනීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක් යතුරු පැදි 181ක් සහ ට්රැක්ටර් 09ක් ඒ අතරට අයත්.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින මානව සහ භෞතික සම්පත් හිඟය මගහරවා ගැනීම සඳහා වත්මන් රජය ක්රියාමාර්ග රැසක් ගෙන ඇති අතර මෙය එහි තවත් ඒක් පියවරක් ලෙස දැක්විය හැකියි.