Wednesday, June 03, 2026
Follow Us
පාසල් පරිසර නියමු දීප ව්‍යාප්ත පාරිසරික පැන විසඳුම් තරඟය ඇරඹේ
මෙවර ජගත් පරිසර දිනයට සමගාමීව ශ්රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ අනුග්රාහකත්වය ඇතිව මධ්යම පරිසර අධිකාරිය විසින් සංවිධාන කරනු ලබන “පාසල් පරිසර නියමු දීප ව්යාප්ත පාරිසරික පැන විසඳුම් තරඟය” 2026 ජුනි මස 06 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. පාසල් පරිසර නියමුවන්ගේ පාරිසරික දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම වැඩසටහනේ අරමුණයි.

 

දිවයින පුරා පාසල් 273ක ස්වර්ණ පදක්කම්ලාභී පරිසර නියමුවන් සහ රජත පදක්කම්ලාභී විශිෂ්ට සාමාර්ථ සහිත පරිසර නියමුවන් 2,200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අදියර තුනක් යටතේ මෙම තරඟය පවත්වනු ලබයි.
 
මූලික අදියරේ දී දිස්ත්රික් මට්ටමින් පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයකින් තරඟය පැවැත්වේ. දිස්ත්රික් මට්ටමින් ඉහළ ලකුණු ලබාගත් පරිසර නියමුවන් සඳහා පළාත් මට්ටමින් ප්රශ්න විචාරාත්මක වැඩසටහන් පැවැත්වීම දෙවන අදියරේ දී සිදු වේ. තෙවන අදියරේ දී, පළාත් මට්ටමින් තෝරා ගනු ලබන පරිසර නියමුවන් සඳහා ප්රශ්න විචාරාත්මක වැඩසටහනක් පවත්වා අවසන් ජයග්රාහක ජයග්රාහිකාවන් තෝරා ගනු ලබයි. තෙවන අදියරේ ප්රශ්න විචාරාත්මක වැඩසටහන ශ්රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ජයග්රාහකයන්ට සම්මාන සහ සහතික පිරිනමයි.
 
තරඟය සඳහා සහභාගීවන සෑම පරිසර නියමුවකුට ම ඇගයීම් සහතිකයක් ලබා දීමට ද සංවිධායකයින් කටයුතු යොදා ඇත.
 
මේ සම්බන්ධයෙන් වන මාධ්ය දැනුම්වත් කිරීමේ මාධ්ය හමුව අද(03) මධ්යම පරිසර අධිකාරියේ ශ්රවණාගාරයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ශ්රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ උප සභාපති ආචාර්ය නීල් බෝගහලන්ද මහතා, එම ආයතනයේ ප්රධාන විධායක නිලධාරී යූ. ඒ. සී. ඔබේසේකර මහතා, සහ මධ්යම පරිසර අධිකාරියේ පරිසර අධ්යාපන ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.