Saturday, May 30, 2026
Follow Us
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ.

බෞද්ධ ජනතාවට අතිශය පූජනීය දිනයක් වන වෙසක් පොහොය, බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පිරිනිවන් පෑම යන ශ්‍රේෂ්ඨ සිදුවීම් තුනම සිදුවූ දිනය ලෙස සැලකේ.

බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වන්නේ ද අද වැනි දිනකයි. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩ ම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනකය.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන් ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.