Wednesday, June 03, 2026
Follow Us
 රුහුණ විශ්වවිද්‍යාලයට නව නේවාසිකාගාර ව්‍යාපෘති 04 ක්
සිසුන් 800 ක් වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීම සිදු කළ හැකි ‘Model B’ (සිසුන් 200) වර්ගයේ නව නේවාසිකාගාර 04 ක් රුහුණ විශ්වවිද්යාලය සඳහා ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

 

මේ වන විට එක් නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා වන වැඩබිම තුළ ප්රායෝගික වැඩ අරඹා ඇති අතර, ඉදිකිරීමට නියමිත භූමිය සකස් කිරීමේ කටයුතු 75% ක් නිම කර තිබීම විශේෂත්වයකි.
 
දිවයින පුරා රාජ්ය විශ්ව විද්යාලවල සිසුන් 16,000 කගේ නේවාසික පහසුකම් සංවර්ධනය සඳහා නව නේවාසිකාගාර ව්යාපෘති 55 ක් ක්රියාත්මක කෙරේ.
එම ව්යාපෘති අදියර 3 කින් ක්රියාත්මක කිරීමට නියමිත යි.