Tuesday, October 28, 2025
Follow Us
දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) අලුයම යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.

එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 16 ක් , රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 40ක් දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලිය ඉකුත් 24වැනිදා සිට 26 වැනිදා දක්වා දකුණු ආසියානු කළාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ රංචි නුවරදී පැවැත්වුණි.