තේ කර්මාන්තය ආශ්රිත වතු කම්කරු පාර්ශවයන්ගේ දායකත්වය ඉහළ නැංවීම පිළිබඳව, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ වෘත්තිය සමිති නායකයින් සමග වූ විශේෂ සකාච්ඡාවක් පසුගියදා (26) වැවිලි ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ ප්රධානත්වයෙන් නුවරඑළිය නගර ශාලාවේදී පැවැත්විණි.
මෙම හමුවට දිස්ත්රික් මට්ටමේ සහ වතු මට්ටමේ නායකයින් විශාල පිරිසක් සහභාගී වූ අතර, මෙහිදී තේ කර්මාන්තය ඉහළ නැංවීමට වතු සේවක ප්රජාවේ සම්පත් සංවර්ධනය, සමාජ ආරක්ෂාව සහ නව වැඩපිළිවෙළට දායක වීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.