Monday, February 02, 2026
Follow Us
ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "මොන්තා" සුළි කුණාටුව අද උදෑසන මුලතිව් සිට කිලෝමීටර 600ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට උදෑසන 5.30 වන විට චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අනතුරව හෙට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සුළිකුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලන් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.