Tuesday, July 01, 2025
Follow Us
Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී

Political

පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට 7වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

ජාතික ජන බලවේගයේ රජ‍යක් බලයට පත් වුවහොත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වීම නවත්වන බවට තමා ප්‍ර‍කාශ කළැයි කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කළ අපහාසයට රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය ගොනුකර ඇති නඩුවේ උත්තර බැඳීම ලබන ජුනි 03 වැනිදාට සිදු කරන ලෙස කොළඹ දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය වගඋත්තරකාර පාර්ශ්වයට ඊයේ (21) නියම කළාය.

Political

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සියලු දෙනාට අවස්ථාවක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවාය.

Political

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු විය.

Political
  • මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව කඩිනමින්
  • මැති ඇමැති සැප වාහන වෙන්දේසි කර භාණ්ඩාගාරයට සල්ලි ගේනවා
  • ආණ්ඩුවක් තියෙන්නේ ඥාතීන්ට-හිතවතුන්ට බෙදාගන්න නොවෙයි

හොරු ඇල්ලී­ම නිශ්චිත ක්‍රම­වේ­ද­යක් මත සිදු­වන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය. ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (19) කළු­තර, කටු­කු­රුදේ පැවති ජනතා හමු­වක් අම­ත­මිනි.

මෙවැනි ආණ්ඩු­වක් ඉති­හා­සයේ හැදෙන්නෙ නැති බව ද ප්‍රකාශ කළ ජනා­ධි­ප­ති­ව­රයා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජ­නාව ඉක්ම­නින් පාර්ලි­මේ­න්තු­වට ගෙන එන බව ද පැව­සීය. මැති ඇමැ­ති­ව­රුන්ට තිබෙන සැප වාහන වෙන්දේසි කර භාණ්ඩා­ගා­ර­යට මුදල් රැගෙන එන බව ද මෙහිදී පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා වර්ත­මාන ඇමැ­ති­ව­රුන් සුඛෝ­ප­භෝගී වාහන, ඇමැති මන්දිර පාවිච්චි නොක­රන බව ද කීය.

ජනා­ධි­පති මන්දි­රය, අර­ලි­ය­ගහ මන්දි­රය, නුවර ජනා­ධි­පති මන්දි­රය හැර අනෙ­කුත් ඒවා පිළි­බ­ඳව සොයා බැලී­මට කමි­ටු­වක් පත්ක­රන බව මෙහිදී සඳ­හන් කළ අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­ප­ති­ව­රයා මෙතෙක් සිටි පාල­ක­යන් මහ­ජන මුදල් අයුතු ලෙස භාවිත කර­මින් සැප වින්ද බව ද කීය. ජන­තා­වට මේ දේශ­පාන වෙනස අවශ්‍ය බව ද පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා ඒ සඳහා ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව ක්‍රියා කරන බව ද කීය. වැටෙන්න පුළු­වන් පතු­ල­ටම වැටුණු රටක් ජාතික ජන ­බ­ල­වේ­ගය භාර­ගත් බව ද එම රට ගොඩ­නැ­ඟී­මට පිය­ව­රෙන් පිය­වර ජාතික ජන බල­වේ­ගය කට­යුතු කරන බව ද සඳ­හන් කළේය.

රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ගොඩ­නැ­ගී­මේදී ඉන්දි­යාව ඉතා වැද­ගත් බව ද කී ජනා­ධි­ප­ති­ව­රයා වත්මන් ආණ්ඩුව පිහි­ටු­වී­මෙන් පසුව ඉන්දි­යාව සමඟ සබ­ඳතා තව තවත් ශක්ති­මත් කර ගැනී­මට කට­යුතු කළ බව ද පැව­සීය. ආසන්න වශ­යෙන් රුපි­යල් දහ ලක්ෂ විසි­ද­හ­සක ආධා­ර­යක් චීන­යෙන් ලැබුණ බව ද පැවසූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙම­ඟින් ග්‍රාමීය දුප්ප­ත්භා­වය තුරන් කිරී­මට සහ පොදු සේවා­වන් වර්ධ­නය කිරී­මට ඒ මුදල් යොද­වන බව ද පැව­සීය.

“බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වට වඩා අලුත් ප්‍රද­ර්ශන සහ සම්ම­න්ත්‍රණ ශාලා­වක් කොළඹ වරාය නග­රයේ ඉදි­කි­රී­මට මූල්‍ය­මය ආධා­ර­යක් ද චීනය ලබා දෙනවා. එය ඉක්ම­නින්ම අප පටන් ගන්නවා. එම­ඟින් ජාත්‍ය­න්තර සමුළු පැවැ­ත්වීමේ කේන්ද්‍ර­යක් නිර්මා­ණය කරන්න පුළු­වන්. මේ රට ගොඩ­නැ­ඟී­මට අවශ්‍ය ජාත්‍ය­න්තර සම්බ­න්ධතා ශක්ති­මත් කිරී­මට අප කට­යුතු කර­නවා. රාජ්‍ය තාන්ත්‍රික සබ­ඳතා ශක්ති­මත් කර ගැනීම සඳහා මේ වන­විට මැද­පෙ­ර­දිග කලා­ප­යෙන් අපට ආරා­ධනා ලැබී තිබෙ­නවා. ආණ්ඩු ආණ්ඩු අතර එක­ඟ­තා­ව­කින් තෙල් ගන්න පුළු­වන්ද කියා සාකච්ඡා කර­මින් තිබෙ­නවා” යැයිද මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

Dinamina

Political

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

Political

ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Political

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ. 

Political

පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රාමනාදන් මහතා මහතාට සභාව ඇමතිමට කාලය ලබා නොදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් එය විපක්ෂයේ වරදක් බවත් සභානායක,  අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

Political

වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පසුගිය රජයන් විසින් සිදු කර තිබෙන ක්‍රියාවන් බව වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.

Political

පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

Political

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

Political

ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

Political
  • SJB MP Dr. Harsha de Silva accuses Govt. of breaking tax promises and misleading on debt restructuring 
  • Claims Govt. backtracks on tax threshold increase from Rs. 100,000 to Rs. 200,000 undermining public trust 
  • Says debt restructuring approach unclear despite claims of ending bankruptcy in December 2024
  • Calls out policy contradictions, shifting to “far right” economic model 
  • Opines electricity tariff cuts not delivered, credits Opposition and electricity-user groups for PUSCL reductions 
  • Alleges fuel prices manipulated ahead of PC polls causing losses for CPC
  • Raises concerns over 323 containers leaving Colombo port unchecked 
  • Questions Secretary to President’s silence on Customs corruption despite expertise in subject 
Political

රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍ අහෝසි කිරීමට රජය කිසිඳු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැති බව  ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(23) පාර්ලිමේන්තුවේදී  පැවසීය.

Political

මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය.

ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමට රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා ය.

 

ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා  පොහොර සහනාධාරය ලබා දිය යුතු කාල වකවානුව 2024 ඔක්තෝබර් පළවෙනි සිට 2025 පෙබරවාරි පළමුවනදා දක්වා බවත් ඒ සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරය රුපියල් 15000ක වාරිකයක් සහ රුපියල්  10000ක වාරිකයක් වශයෙන් අදියර දෙකකදී ලබා දීමට කටයුතු කරන බව අගමැතිනිය පෙන්වා දුන්නාය.

මේ වනවිට රුපියල් 15000ක පළමු වාරිකය ලබා දීලා තිබෙන අතර ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා සාධනීය සහ විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර තිබෙන බවත් ඒ සඳහා මේ වනවිට  ගොවි සංවිධාන මගින් අදහස් ලබා ගනිමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

කුඹුරු ඉඩම් වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටෝන්  25239 දශම හතයි තුනක  ප්‍රමාණයක්  රජය විසින් නොමිලේ ලබාදීමට මේ වන විට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.