ශ්රී ලාංකික නිෂ්පාදන සඳහා තුර්කි වෙළෙඳපොළට ප්රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම, නව අපනයන අවස්ථා හඳුනා ගැනීම සහ දෙරට අතර ආයෝජන ප්රවර්ධනය කිරීම පිළිබඳව ශ්රී ලංකාව සහ තුර්කිය අතර සාකච්ඡා පවත්වා තිබේ.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සහ තුර්කි ජනරජයේ වෙළෙඳ නියෝජ්ය අමාත්ය මුස්තාෆා ටුස්කු මහතා අතර පසුගියදා තුර්කියේ අන්කාරා නුවරදී පැවති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
නියෝජ්ය අමාත්යවරයාගේ තුර්කි නිල සංචාරයට සමගාමීව පැවති මෙම හමුවේදී දෙරටේ ව්යාපාරික ප්රජාවන් අතර සබඳතා ශක්තිමත් කිරීම සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයන් ප්රවර්ධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
ශ්රී ලංකාව සහ තුර්කිය අතර ආර්ථික සබඳතාවල පවතින නව අවස්ථා ප්රයෝජනයට ගනිමින් දෙරටේ ව්යාපාරික ක්ෂේත්ර සඳහා නව අවස්ථා උදාකර දීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
දෙරට අතර අන්යෝන්ය ප්රතිලාභ සහිත ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයක් ගොඩනැගීම සඳහා අඛණ්ඩ සංවාදය සහ ප්රායෝගික සහයෝගීතාව පවත්වාගෙන යාමේ අවශ්යතාව ද දෙපාර්ශ්වය පෙන්වා දී තිබේ.