දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් අද (නොවැ. 21) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (20) පැවැත්විණි.
අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන යන රජයේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වේ.
දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරයන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27
දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 නොවැම්බර් මස 25, 26 සහ 27 යන දිනයන්හි දී පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස මෙම වැඩමුළුව මෙවරද සංවිධානය කර තිබේ.
ලබන 25 වැනි සදුදා පෙ.ව 9.30 ට පැවැත්වෙන මෙම වැඩමුළුවේ සමාරම්භය සඳහා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ගරු ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක ගරු වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර, සභානායක අමාත්‍ය ගරු බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.
මෙම තෙදින වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම ට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර, මන්ත්‍රීවරයන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තවද දුෂණ විරෝධී පනත මගින් ස්ථාපිත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අදාළ නීති හා ක්‍රියාවලින් පිළිබඳව මෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ කාර්යභාරය පිළිබඳව ද දැනුවත් කිරීමට නියමිතයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ කාර්යාංශ ප්‍රධානීන් විසින් ඒ ඒ අංශ මගින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ගේ දායකත්ව හා කාර්යයන් පිළිබඳවද මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට නියමිතයි.
ආබාධිත ජනතාවගේ හඩට සවස් දුන් ජාතික ජනබලවේගයට සිය ස්තුතිය පුද කරන බව, මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතිවාදය අවුළුවා රට ගිනි තබන්නට කිසිවකුට ඉඩ නොතබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2024 දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව යළි කැඳවීම නියමිත බව ජනාධිපතිවරයා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට (04) ප.ව 5.30 සිට ප.ව 9.30 දක්වා පැවැත්වීමට අද (03) පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස තෝරාගන්නා ලදී.
පරිභෝජනයට තිබෙන පොල්වල කිසි අඩුවක් නොමැති බවත්, එහෙත් පොල් වෙළෙඳපොළ මාෆියාවක් හදන්න ඇතැම් අය උත්සාහ දරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ජාතිවාදය කවර හෝ දේශපාලන අරමුණක් සඳහා භාවිතා කිරීමට කිසි විටෙක ඉඩ නොදෙන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවකාරයෙන් අද (නොවැ. 21) විවෘත කිරීමට නියමිතය. ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (20) පැවැත්විණි.
කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇතිකළ යුතු බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය. අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ අද (05) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනතා අභිලාශයන් වඩාත් තීව්‍රව ඇති මොහොතක එම අපේක්ෂා ඉටු කිරීමට පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබඳ පරිචය ඉතා වැදගත් බව කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා අද පාර්ලිමේන්තුවේදී අභිනව මන්ත්‍රීවරුන්ට පැවසීය.
ස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කිරීමෙන් පසුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙරවරු 11.30ට පමණ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනය හෙවත් රාජාසන කතාව සිදුකිරීමට නියමිතය.
රට තුළ ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම, සම්බන්ධයෙන් ජනාධිපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව දක්වා ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් මහතා නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ බාර වැඩ භාර ගත්තේය.
Page 8 of 544