Wednesday, February 18, 2026
Follow Us
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වෙනුවෙන් පියවර රැසක්

බැටරි ගබඩාකරණ පද්ධති ඉදිකරමින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට කටයතු කරන බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

 ලංකාවේ ප්‍රථම වතාවට මෙගාවොට් 160ක විදුලිබල ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීම ඉදිරි මාස 06ක් තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, නුදුරේදීම තවත් මෙගාවොට් 300ක බැටරි ගබඩාකරණ පද්ධතියක් ඉදිකිරීමට ටෙන්ඩර කැඳවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තවද පුනර්ජනනීය බලශක්තිය උපරිම වශයෙන් විදුලිබල පද්ධතියට ලබාගැනීම සදහා සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කරන අතරම ඉදිරියේදී තෝරාගත් ඉඩම්වල සූර්යබලශක්ති බලාගාර පිහිටුවීමේදී ඒ ආශ්‍රිතවම බැටරි ගබඩාකරණ පද්ධතිද ඉදිකිරීමට අවශ්‍යය මූලික පියවර ගනිමින් සිටින බවද තව දුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (17) මන්ත්‍රී සුරංග රත්නායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.