Friday, January 23, 2026
Follow Us
විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි
ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට පත්කළ යුතු පාර්ලිමේන්තු මන්ත්රීවරයන් නොවන සාමාජිකයින් තිදෙනාගේ නම් ත්රිත්වය ඇතුළත් යෝජනා සම්මතය සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය.
විශ්වවිද්යාල (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත වීම සිදු විය.

 

මෙම පනත් කෙටුම්පත, 1978 අංක 16 දරන විශ්වවිද්යාල පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් වන අතර මීට අදාළ ගැසට් නිවේදනය නොවැම්බර් 21 වන දින ප්රකාශයට පත් කරන ලද අතර අග්රාමාත්යතුමිය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යතුමිය විසින් 2025 දෙසැම්බර් 3 වන දින පළමු කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
 
තවද ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරයන් නොවන සාමාජිකයන් තිදෙනාගේ ධුර කාලය පසුගිය ජනවාරි 19 වැනිදා අවසන්වී ඇති බැවින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41 අ (4) සහ (5) ව්යවස්ථා අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරයන් නොවන සාමාජිකයන් තිදෙනාගේ නව පත්කිරීමට අදාළ නාමයෝජනා ත්රිත්වය ඇතුළත් යෝජනා සම්මතය සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා ගැනීමද අද සිදු විය. මේ අනුව
01. ඔස්ටින් ප්රනාන්දු මහතා
02. මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය
03. රංජිත් ආරියරත්න මහතා
යන නාමයෝජනා ත්රිත්වය සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය හිමි වූ අතර අනුමත කරන ලද නම් ත්රිත්වය ගරු කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබේ.