මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළින් ද ගෙනආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කළ ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (10) සම්මත විය.
පනත් කෙටුම්පතේ දෙවනවර කියැවීමේ විවාදය අද පෙ.ව. 10.30 සිට පැවැත්විණි.
ජනාධිපතිවරයා මේ අය-වැය ඉදිරිපත් කළේ ඉතාමත් අමාරු තැනක සිට බවත් ඒ නිසා අපි කුහක විය යුතු නැති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (13) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය එළඹෙන දෙසැම්බර් මස 15 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය විධිමත් කිරීම පිළිබඳව යෝජිත ව්‍යාපාර සූදානම් (B - Ready) දර්ශකය, සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රයෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු විය.
ඉංග්‍රීසි සාක්ෂරතාව දියුණු කිරිම වෙනුවෙන් දසවසරක වැඩ සටහනක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කරන බව අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් හෙට (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදු නොකර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට විදේශ ණය ආධාර නොලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසීය.
ජනපති කරපු අයවැය කතාව බුදු දහමට කළ නිග්‍රහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නුවරඑළිය තැපැල් ගොඩනැඟිල්ලට කිසිදු හානියක් නොවන පරිදි ආයෝජන කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබෙන බැවින් අද (10) සිට සේවයට වාර්තා කරන්නැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා සියලු තැපැල් සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ තැපැල් මූලස්ථානයේදී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා 2024 අයවැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කථාව කියවා අවසන් වූ අතර පාර්ලිමේන්තුව 2023 නොවැම්බර් 14 වැනි අඟහරුවාදා උදෑසන 9.30 වන තෙක් කල් තැබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.
විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.
Page 49 of 553