Tuesday, January 27, 2026
Follow Us
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි
 
2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ දහතුන්වන දිනය වන ඊයේ (06) විවාදයට ගැණුනු බුද්ධශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශය වැය ශීර්ෂය වැඩි ඡන්ද 39 කින් සම්මත විය.

 

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව 6.50 ට පමණ අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා බුද්ධ ශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ වැය ශීර්ෂය (207) සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 44ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද හිමි විය.