Tuesday, January 27, 2026
Follow Us
පනත් කෙටුම්පත සලකා බැලීමට අතිරේක සාමාජිකයන් පත් කෙරේ

“දක්‍ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)” නැමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන්  නම් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව රෝහණ දිසානායක, අ. අරවින්ද් කුමාර්, අශෝක් අබේසිංහ, කරුණාදාස කොඩිතුවක්කු, ඉසුරු දොඩන්ගොඩ, කිංස් නෙල්සන්, රෝහණ බංඩාර සහ නිපුණ රණවක යන මන්ත්‍රීවරයන් උක්ත කෙටුම්පත සලකා බැලීම සඳහා පත් කොට තිබේ.