Monday, March 23, 2026
Follow Us
පාර්ලිමේන්තුව රැස් වෙයි - සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාරක සභා විවාදය අද

අද (30) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

ඉන්අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විරුද්ධ පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.