ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් හෙට (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදු නොකර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට විදේශ ණය ආධාර නොලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (07) දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කැඳවා තිබිණි.
නුවරඑළිය තැපැල් ගොඩනැඟිල්ලට කිසිදු හානියක් නොවන පරිදි ආයෝජන කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබෙන බැවින් අද (10) සිට සේවයට වාර්තා කරන්නැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා සියලු තැපැල් සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ තැපැල් මූලස්ථානයේදී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.
ස්වාධීනව කටයුතු කරගෙන යා හැකි අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් අධිකරණ ව්‍යුහයට සම්බන්ධ පනත් කෙටුම්පත් සම්මත කිරීම සිදු කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.
ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.
විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.
කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය සමහර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ කටයුතු කරගෙන යන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කළ ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (10) සම්මත විය.
පනත් කෙටුම්පතේ දෙවනවර කියැවීමේ විවාදය අද පෙ.ව. 10.30 සිට පැවැත්විණි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPE) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින්, නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස සුපිරි ලාභ ලබා ගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ ගැසට් අවභාවිතා කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙසට පැවසීය. මේ අනුවල මෙම බදු අයකර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම හෝ එසේ කිරීමට නොහැකි නම් ඊට සවිස්තරාත්මක හේතු සාධක දැක්වීම, අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ප්‍රතිකර්ම යෝජනා කිරීම ද කමිටුව විසින් නිලධාරීන්ට පවරනු ලැබීය.
ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය විධිමත් කිරීම පිළිබඳව යෝජිත ව්‍යාපාර සූදානම් (B - Ready) දර්ශකය, සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රයෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු විය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබා ගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා (07) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල් මත ක්‍රියාත්මක සියලු ව්‍යාපෘතිවල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දී තිබේ.
Page 48 of 551