විදුලිබල මණ්ඩලයට වැඩිපුර ආදායමක් ලැබුණහොත් ඒ ප්‍රතිලාභය ජනතාවට දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 24) පැවසීය.
අද දින පාර්ලිමේන්තුව ආරම්භ කරමින් කතානායකවරයා ප්‍රකාශ කළේ ඊයේ (21) දින සභාවේ සිදුවු විනය විරෝධී ක්‍රියාව බරපතළ ලෙස තමා හෙළා දකින බවයි.
"ආර්ථික විද්‍යාව පිළිබඳ පැය තුනක විවාදයකට ඕනෑම නාලිකාවකට එන්න." - විපක්ෂ නායක සජිත්ගේ අභියෝගය ඇමති බන්දුල භාරගනී.
විපක්ෂය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සභාපති ධුරය දරන රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවට අනුව රට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙන්නේ දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතා හේතුවෙන් බවත්, රාජ්‍ය මූල්‍ය විනය නොමැතිවීම සහ ආදායම් එකතු කිරීම අඩු වීම ඇතුළු කරුණු රාශියක් ඊට ඇතුළත් විය. ඒ හා සබැඳි ආර්ථික විද්‍යානුකූල විශ්ලේෂණයන් සමඟ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිදු කළ කරුණු පැහැදිලි කිරීමේදී මෙම වාර්තාවට එකඟද නැද්ද යන්න පිළිබඳ දින තුනක විවාදයක් අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටියේය.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා දවස් තුනක නොව සතියක විවාදයක් සිදු කිරීමට තරම් වැදගත් කරුණක් බව ප්‍රකාශ කළේය. මෙතුමන්ලා මේ රටේ රාජ්‍ය ආදායම 12% සිට 8% දක්වා අඩු කරන්නට කෝටිපතියන්ට බදු සහන ලබා දෙන්නට අත් ඔසවපු අය.
ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
රටක් බාර ගැනීමට සිටින නායකයෙකු ලෙස එතුමා කී ප්‍රමාණය පිළිබඳ මේ රටේ ප්‍රබුද්ධ ජනතාවට නිගමනයක් කරන්නට පුළුවන්. අප සතු ප්‍රාමාණික අවබෝධයේ ප්‍රමාණය අනුව මේ ආදායම් අඩුවීම එක් දිනයකින් සිදුවූවක් නොවේ. ඒ පිළිබඳව මේ ගරු සභාවට මා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඉහත සංඛ්‍යා දත්ත සහිතව ඔප්පු කළ හැකියි. විපක්ෂ නායකවරයා වගකිවයුතු අමාත්‍යවරයකු ලෙස එවක රජයේ කටයුතු කරමින් සිටියදී එම වසර පහ තුළ ආර්ථිකය කඩා වැටීම සිදු වූ ආකාරය පිළිබඳව ආර්ථික ආසානාසිය නමින් සංඛ්‍යා දත්ත සහිතව මං පොතක් පල කර තිබෙනවා. නමුත් මේ න්‍යායාත්මක තත්ත්වය පිළිබඳව අබමල් රේණුවක අවබෝධයකින් තොරව ස්වෛරිත්ව බැඳුම්කර පමණක් මිලියන 12 ක් නිකුත් කිරීමට අත ඔසවා අනුමත කළ කෙනා ආර්ථික විද්‍යාවේ අකුරක් හෝ නොදැන අනෙක් සියලු දෙනා වැරදියි, තමන් නිවැරදි බව ප්‍රකාශ කරනවා.
එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, මෙතුමාගේ පොතට අනුව තමයි සෞභග්‍යයේ ඉදිරි දැක්ම කරල තියෙන්නේ. දැන් රටත් ඉවරයි. බංකොලොත්.කෝටිපතියන්ට බිලියන 600 ඉඳලා 700 දක්වා බදු සහන ලබා දෙන්න අත් ඔසවලා දැන් එනවා ආර්ථික විද්‍යාව උගන්නන්න. මම කැමතියි දින හතක් ආර්ථික විද්‍යාව ගැන වාද කරන්න.ඔයානේ මහ මොලකාරය.අපි සුදානම් වාද කරන්න.
ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, දින හතක් අවශ්‍ය නැහැ. තමන් සමඟ ආර්ථික විද්‍යාව පිලිබඳ ඕනෑම නාලිකාවක පැය තුනක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කළේය.
අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ආර්ථික විද්‍යා පිළිබඳ විවාදයකට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අද (24) පාර්ලිමේන්තුවේදී අභියෝග කර සිටියේය.
සජිත් මහතා දින7ක විවාදයක් ඉල්ලා සිටියත් අමාත්‍යවරයා එම අභියෝගය භාර ගනිමින් ප්‍රකාශ කළේ රූපවාහිනියේ පැය 3ක විවාදයකට පැමිණෙන ලෙසයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ තේරුමක් නැති වචන හුවමාරු කර ගන්නේ නැතිව ආර්ථික විද්‍යාව පිළිබඳව සංඛ්‍යා දත්ත ඇතිව කරුණු ඉදිරිපත් කරන ලෙසයි.
මෙරට පවතින ආර්ථික අර්බුදය වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් නොමැති බවත් ඒ සඳහා දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට යායුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.
කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිරිහී ගිය බවත්, දේශපාලන අතපෙවීමකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට සියලුදෙනා වෙත වගකීමක් පැවරී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සල්ලි කඳන්වල රූකඩ බවට පත්වන මැතිවරණ ක්‍රමය වෙනස් කර සෑම මන්ත්‍රීවරයෙකුටම මැතිවරණ ආසනයක් ලැබෙන අනුපාත ඡන්ද ක්‍රමයද අන්තර්ගතවන, නව පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට සියලු දෙනා එක්වන්නයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථිකය නැවත කඩා වැටීමේ අවධානමක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනි ක්‍රියාවක් බවත්, 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වරද නිවැරදි කර තිබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වන අද (22) විවාදයට ගැණුනු ගරු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59කින් සංශෝධන සහිතව සම්මත විය.
රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Page 48 of 554