Tuesday, January 27, 2026
Follow Us
කල්මුණේ ළමා නිවාසයක දරුවකුට පහරදී ඝාතනය කළ පාලිකාවට කිසිදු වෘත්තීය සුදුසුකමක් නෑ

කල්මුණේ ළමා නිවාසයකදී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිදු වෘත්තීය සුදුසුකමක් නොලැබූ අයකු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය.

තවදුරටත් ඇමැතිවරිය මෙසේද පැවසීය.

මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අදාළ පරිවාස නිලධාරිනිය පිට පාරෙන් පැමිණි කෙනෙක් දැයි සොයා බැලුවා.

ඇය විභාගය සමත් වී තිබුණ ද කිසිදු වෘත්තීමය සුදුසුකමක් නැහැ. මෙම සිදුවීම හේතුවෙන් මා දැඩි කම්පාවට පත් වුණා. මෙවන් සිදුවීම් කිසිදු සමාජයක් අනුමත කරන්නේ නැහැ.

මෙම තත්ත්වය යටතේ පරිවාස නිලධාරීන් පුහුණු කරන වැඩපිළිවෙළක් අමාත්‍යාංශ මට්ටමින් ආරම්භ කරනවා.

මා ඉතා වෙහෙසී මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලුවා. මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. මෙම දරුවා මව්පියන් අතහැරදැමූ දරුවෙක් බව කිවයුතුයි.