Tuesday, January 27, 2026
Follow Us
පළමු වරට රට යන කාන්තාවන්ගේ පවුල්වලට වව්චර් පතක්

ප්‍රථම වතාවට පිටරට රැකියාවකට යන කාන්තාවන්ගේ පවුල් සඳහා ස.තො.ස. මගින් වව්චර් පත් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ සඳහා රුපියල් ලක්ෂ තුන්දහස් අටසිය හැත්තෑ හයක් වෙන් කර ඇති බව අද පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.