Monday, March 23, 2026
Follow Us
අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ අද පාර්ලිමේන්තු විවාදයට ගැනේ

අද (06) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

ඉන්අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දෙකෙහි වැය ශිර්ෂ අද දිනයේ විවාදයට ගැනේ.

අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.